Tuesday, April 10, 2012

       මේ දවස්වල වැඩිපුරම පාරේ තියෙන yamaha fz bike එක ගැන පොඩි විස්තරයක් කියන්නයි බැලුවේ.. ඇත්තටම මේක FZ එක ගැන නෙවෙයි. FZ bike එක නිර්මාණය කරන්න මුලින්ම yamaha company එක නිර්මාණය ගැනයි විස්තර. කියවලා බලන්න අපේ රටේ තියෙන Yamaha FZ එකයි Original FZ Bike එකයි අතර වෙනස..

    ‍Yamaha company එක මුලින්ම නිර්මාණය කළේ FZ1 Bike එක.. ඒක අපි හිතනවට වඩා ජවසම්පන්න ඉහල තාක්ෂණයකින් යුක්ත යතුරුපැදියක්..

    එන්ජිම ගැන කිව්වොත් මෙකේ තියෙන්නේ 1000cc 4-stroke එන්ජිමක්.මෙම එන්ජිම පිස්ටන් 4කින් මෙන්ම වෑල් 5කින් සමන්විතයි.. හොදම කරුණ නම් මෙම එන්ජිම කාබුලේටර් තාක්ෂණයෙන් මිදී අලුත්ම Fuel injection තාක්ෂණයෙන් සමන්විතවීමයි. Injection තාක්ෂණයේදී එන්ජිමට දහනයට අවශ්‍ය පැට්‍රල් පිස්ටනය මතට විදීම සිදුකරන හෙයින් යතුරු පැදියේ ඉන්ධන පිරිමැස්ම ඉහල මට්ටමකට මෙන්ම වැඩි බලයක් සමඟ සුමට බවක් එන්ජිමට ලබාදේ. ලංකාවේ indian යතුරුපැදි අතුරින් Fuel injection තාක්ෂණය මුලින්ම පැමිනියේ Hero Honda Karizma ZMR යතුරුපැදියෙයි. මේවන විට ටිකෙන් ටික කාබුලේටර් තාක්ෂණයට වඩා fuel injection තාක්ෂණය ඉදිරියට පැමිනෙමින් තිබේ.

 අනිත් අතින් ගත්තහම body shape නම් බොහෝදුරට සමානකම් FZ එක හා FZ1 අතර තියෙන්නේ.. පිටුපස disk break පද්ධතියකින් සමන්විත වෙනවා..

    ලංකාව වැනි රටකට යතුරුපැදියක් නිර්මාණය කිරීමේදී බොහෝදුරට ඉන්ධන පිරිමැස්ම පිලිබද වැඩි අවදානයක් යොමුකරන්න වෙනවා. හරියටම කිව්වොත් FZ1 bike එකේ ඉන්ධන පිරිමැස්ම 15km/l පමන වන අතර  FZ bike එකේ ඉන්ධන පිරිමැස්ම 39km/l පමනවේ. මේ වෙනසට බලපාන ප්‍රධාන හේතුව එන්ජින් ධාරිතාවයේ ඇති වෙනස හා යතුරුපැදියේ බර අඩු කිරීමයි.
නව යතුරුපැදි බොහොමයක ignition type එක T.C.I unit එකකින් සිදුවන අතර ඒ ගැන විස්තර පසුව සවිස්තරව ඔබවෙත පිරිනැමීමට බලාපොරොත්තු වෙමි.
මං දැනට නවතිනවා.. මේක බලලා ඔයාලගෙ යෝජනා චෝදනා අදහස් සියල්ල comment එකකින් දක්වනවා නම් මැනවි... එහෙනම් ජය වේවා...!

FZ1 යතුරුපැදියේ දළ විස්තර කෙටියෙන්..

Engine

Engine type Liquid Cooled, 4-stroke, DOHC, 5-valve
Displacement 998cc
Bore & Stroke 77.0 x 53.6 mm
Compression ratio 11.5 : 1
Maximum output 150 PS/11,000 rpm
Maximum torque 106 Nm/ 8,000 rpm
Starting system Electric
Lubrication Wet sump
Cylinder layout In-line, 4-cylinder
Clutch type Wet, multiple-disc
Ignition type T.C.I.
Fuel supply Fuel Injection
Primary/Secondary reduction ratios 65/43 (1.512) / 45/17 (2.647)
Tranmission type Constant mesh, 6-speed
Caster/Trail 25 degree/109 mm
Gear ratios 1st = 2.533, 2nd = 2.063, 3rd = 1.762, 4th = 1.522, 5th = 1.350, 6th = 1.208

chassis

Frame type  Diamond
Suspension (Front/Rear) Telescopic fork / Swingarm
Brake Type (Front/Rear) Dual Hydraulic disc brake Ø 320 mm / Single hydraulic disc brake Ø 245 mm
Tyre size (Front/Rear)  120/70 ZR17M/C (58W) /190/50 ZR17M/C (73W)
Wheel Travel            (Front/Rear)  130 mm / 130 mm  

  Dimensions 

Overall length x width x height 2,140 mm × 770 mm × 1,060 mm
Kerb Weight 214kg
Seat Height 815 mm
Wheelbase 1,460 mm
Minimum ground clearance 135 mm
Engine oil volume 3.8 liters
Fuel tank volume 18 litres 

No comments:

Post a Comment