Tuesday, June 12, 2012


      අද කියන්න යන්නෙ අලුතෙන්ම Bajaj මාදිලියෙන් එන PULSAR 200ns යතුරුපැදිය එක ගැන විස්තරයි. මේ Indian යතුරුපැදිය වලින් බොහොදුරට වෙනස් වුන නව අංග උපාංගවලින් සමන්විත යතුරුපැදියක් කියල කියන්න ඕන. මේ නව PULSAR 200ns යතුරුපැදිය ඉහල තක්ෂණයක් සමඟ නව පෙනුමකින් සමන් විත් වෙනවා.
      මේ යතුරුපැදියෙ එන්ජිම ගැන කතා කලොත් 199.5cc ධාරිතාවයක් සහිත 23.4 bhp@9500 rpm ශක්තියක් හා වේගයකින් යුක්ත තනි සිලින්රයක්(signal-cylinder) සහිත එන්ජිමක් හා ජලයෙන් සිසිලනය වන(liquid-cooler) පද්ධතියකින් සමන්විත වේ.

      (මේ රෑපසටහනින් පෙන්වන්නේ සාමාන්‍ය සුළගින් සිසිලන සිසිලන එන්ජිමක් හා ජලයෙන් සිසිලන එන්ජිමක් අතර තාපය පැතිර පවතින ස්භාවයි. මෙහි ඔබට පේනවාඇති ජලයෙන් සිසිලන එන්ජිමක් බොහොවින් සිසිල් ස්භාවයක් පවතින බව.)

    එන්ජිම ගැන විස්තර තව කිව්වොත් මේ එන්ජිම plug 3කින් සමන්විත හා valves 4කින් සමන්විත වේ. මේ හේතුවෙන් එන්ජිම තුල ඉහළ කාර්‍ය්ක්ෂමතාවයකින් ඉන්ධන දහනව වන අතර එතුලින් වැඩි බලයක් ලබා ගැනිමක් සිදුකල හැක. මේ තත්වය හේතු වන්නේ සිවු පහර(4 stock) එන්ජිමක දහනයවු වායුව ඉක්මනින් හා මුලුමනින් ඉවත්වීම එහි ක්‍රියාකාරිත්වයට හොද බැවිනි. නමුත් මෙය දෙපහර(2 stock) යතුරුපැදිවල සම්පුර්ණ වෙනස්වෙනවා.

   ඇත්තටම spark plug 3කින් සමන්විතවීම සම්පුර්ණ ඉන්ධන දහනයක් සිදුවිමට විශාල බලපෑමක් සිදුවෙනවා. මේ නිසා යතුරුපැදියේ ඉන්ධන ක්‍රියාකාරිත්වයත් වැඩිවිමක් සිදුවෙනවා.නව යතුරුපැදි බොහොමයක දැන්වන විට අඩුම spark plug 2කින් හෝ double point plugවත් සමන්විත වනබව කියන්න අවශ්‍යයි. මේ සදහා බොහොවිට බලපාඇති කරුණවන්නේ පැට්‍රොලියම් ඉන්ධන ඉක්මනින් ක්ෂයවීයන හා මේවනවිට මිල අතින් ගත්කල ඉහල මට්ටමක පවතින බැවින් ඉන්ධන පිරිමැස්ම වැඩිකර ගැනිමට දැන් සියලුම යතුරුපැදි නිපැවුම්කරුවන් කටයුතුකරමින් නව තාක්ෂණ මේ ඉන්ධන පිරිමැස්මට යොදාගනිමින් තිබේ.

    මෙම එන්ජිම වේග 6කින් සමන්විත ඉහල වේගයකින් සහිතයි. නිෂ්පාදකයින් පවසන අන්දමට මෙම යතුරුපැදියට තත්පර 3.61කින් වේගය 0km/h සිට 60km/h දක්වා හා තත්පර 9.83කින් වේගය 0km/h සිට 100km/h දක්වා ලබාගැනිමේ හැකියාවක් සමන්විතයි. යතුරුපැදියේ උපරිම වේගයලෙස 136km/h තරම් ඉහල වේගයක් ලබාගත හැක.


    සස්පෙක්ශන් අතින්ගත්කල මෙම යතුරුපැදිය ඉදිරිපස 37mm මහතකින් සමන්විත oil suspension පද්ධතියකින් සමන්විත අතර පිටුපස නයිට්‍රජන් වායුවෙන් සමන්විත mono shock absorber පද්ධතියකින් සමන්විත වේ. මේ නිසා වැඩි සුවපහසුවක් වගේම යතුරුපැදිය පාලනයට වැඩි පහසුවක් ඇතිකරනු ලබයි.


    බ්‍රේක් පද්ධතිය සැලකිමේදි ඉදිරිපස හා පිටුපස යන දෙකම disk break පද්ධතියකින් සමන්විත් වන අතර එමනිසා යතුරුපැදියට වැඩි ආරක්ශාවක් වගේම පාලනයට පහසුවත් හොද පෙනුමක් ලබාදිමට සමත්වී තිබේ.

  
     පිටුපස ටයර් ගත්විට 130/70 - 17, 61 P, Tubeless වලින් සමන්විතවන අතර ඉදිරිපස  100/80 - 17, 52 P, Tubeless වලින් සමන්විතවේ. යතුරුපැදියේ බද සැලකිමේදී සම්පුර්ණයෙන්ම steel perimeter frame සමන්විතවන අතර හොදම කරුණක් ලෙස මෙම යතුරුපැදියේ body balance 50-50 ලෙස පිහිටන පරිදි නිපදවා ඇත. මේ නිසා racetrack සදහා ඉතා හොදින් මෙම යතුරුපැදිය භාවිතා කල හැක.
යතුරුපැදිය පිලිබද දළ විස්තර...

Engine

Type Type SOHC - 4V - Liquid Cooled
Combustion system Combustion system Triple spark
Ignition system Independent spark control through ECU
Crankshaft Type Integral
Max Power 23.52 PS @ 9500
Max Torque 18.3 Nm @ 8000
Bore 72 mm
Stroke 49 mm
Displacement 199.5 cc
Fuel system Carburettor, UCD 33
Air filter Paper element
Exhaust system Exhaust TEC enhanced centrally mounted

Vehical

Frame Type Pressed steel Perimeter Frame
Wheel Base 1363 mm
Length x height x width 2017 mm x 1195 mm x 804 mm
Seat ht-Rider 805 mm
Ground Clearance 167 mm
Vehicle Kerb weight 145 kg
FAW/RAW 72/73 kg
Fuel Tank capacity 12 L

Suspension

Front suspension Telescopic Front Fork with Antifriction Bush Dia 37
Rear Suspension Nitrox Mono Shock Absorber with piggy back gas canister

Break & tyres 
BRAKES
Front (Type) Petal Disc with floating caliper
Front (Size) Dia 280 mm Disc
Rear (Type) Petal Disc with floating caliper
Rear (Size) Dia 230 mm Disc
BRAKING
Braking Distance - Both brakes (60 - 0 Kmph) 16.33 meter
TYRES
Front 100/80 - 17, 52 P, Tubeless
Rear 130/70 - 17, 61 P, Tubeless
RIMS
Front 10 spoke 2.5 x 17, Alloy
Rear 10 Spoke, 3.5 x 17, Alloy

Acceleration

0-60 kmph 3.61 sec
0-100 kmph 9.83 sec
Max Speed 136 Kmph

Electricals

System DC Ignition
Battery 12V 8AH VRLA
Head Lamp H4 bulb 12V 55/60W
Tail/Stop Lamp 0.3/3 W, LED