Monday, April 9, 2012




අලුතෙන්ම TVS bike වලින් එන Apache RTR ABS 180cc bike එක ගැනයි මේ කියන්න හදන්නේ... මේ bike එක Apache RTR 180cc bike එකම modify කරලා හදපු එකක්. විස්තර කිව්වොත් මේ bike එකේ තියෙන්නේ 180cc එන්ජිමක්. මේ එන්ජිම ගියර් 5ක වේග පද්ධතියක් සහිතයි. ඇත්තටම මේ එන්ජින් වර්ගය TVS Fiero bike වල ඉදලා ආපු එන්ජින් වර්ගයක්. ටිකෙන් ටික modify කරලා දෝෂ ගොඩක් අඩුකරපු ඒ වගේම රේසින් bike එකකට අවශ‍ය කරන හොද වේගයක් වගේම ගොඩක් smooth එකේ වැඩ කරන ඒන්ජිමක්..
මේ bike එකේ විශේෂ කරුණ වන්නේ පලමු වතාවට ABS Break පද්ධතියක් සහිතව Indian යතුරුපැදි අතුරුන් එන bike එකවීමයි.







පලමුව ඔබ බොහොවිට නොදන්නවා වෙන්න පුලුවන් මොකද්ද මේ ABS break පද්ධතියක් කියන්නේ කියලා..
මං පලමුවෙන් කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් මේ ABS break පද්ධතිය ගැන...

    මුලින්ම මේ ABS break පද්ධතියක් නිර්මාණය කළේ 1929දී ඒ ගුවන්යානා සදහා පසු කාලීනව 1970දී මේ තාක්ෂණය මෝටර් රථ සදහා භාවිතා කලා. 1981 දී තමයි පලමු වරට BMW සමාගම මේ ABS තාක්ෂණය යතුරුපැදි සදහා භාවිතාකලේ.
    ABS පද්ධතියක අවශ‍යතාවය කිව්වොත් ධාවනය වන රථයක එහි වේගයත්, බරත් අනුව රථයේ චාලක ශක්තියක් ගැබ්වී තිබෙනවා. රථයක් නතර කිරීමට නම් එම ශක්තිය හීනකල යුතුයි. ශක්තියක් විනාශ කල නොහැකි බැවින් මේ ශක්තිය වෙනත් කාර්යයක් සදහා යොමු කල යුතු වෙනවා. Break පහරකින් සිදුවන්නේ එම චාලක ශක්තිය වෙනත් ශක්තියකට මාරු කිරීමයි. එහිදී රථයේ suspension පද්ධතිය වැඩිම ශක්ති ප්‍රමාණයක් උරාගන්නා අතර break යෙදීමේදී break pad ඇතිල්ලීමෙන් ඇතිවන ඝර්ශණය නිසා ඇතිවන තාපය ද රථයේ ඇඹරෙන කොටස් මඟින් සෑහෙන ශක්ති ප්‍රමාණයක් ඉවත් කරයි. මෙලෙස break පහරකදී සම්පුර්ණ චාලක ශක්තිය suspension පද්ධතිය උරා ගැනීමට තැත්කලහොත් ඉක්මනින්ම ඔබේ suspension පද්ධතිය දෝෂ සහිත වනු ඇත. මෙවැනි අවස්ථාවක විශේෂයෙන් පළපුරුදූ බර වාහන රියදුරන් ධාවනයේදී  break ක්‍රියාකරන විශේෂ ක්‍රමයක් ඔබ දැක ඇතුවාට සැක නැත. එහිදී රථය කෙටි දුරකින් නැවෙත් වීමට රියදුරු break තද කිරීමත් නිදහස් කිරීමත් කඩින් කඩ කිහිපවිටක් සිදුකරයි. ABS break පද්ධතියක මෙම ක්‍රියාවලිය ඉලොක්ට්‍රොනික් පද්ධතියක් මගින් සිදුකිරීම මගින් සිදුකරනු ලබන අතර එමනිසා රථය අඩු කාලයකදී නැවැත්වීමට හැකියාවක් ලැබේ. එසේම දැනට පවතින ABS පද්ධතිවල පාරේ ලිස්සන සුළුබව අනුව අවස්ථානුකුලව break අවශ්‍ය රෝදයට ලබාදීම සිදුකරනු ලබයි..


  මේ සුළු හැදින්විම මගින් ඔබට ABS break ගැන සුලුහෝ දැනුමක් ලැබෙනු ඇතෙයි සිතමි.
TVS Apache RTR 180cc යතුරුපැදියේ විශේෂත්වය නම් එහි ඉදිරිපස හා පිටුපස රෝද 2කම disk break පද්ධතියකින් සමන්විත් බැවින් එහි break පහරක් පාලනය කිරීම සදහා ABS break පද්ධතිය බොහෝවටිනා කමක් දරයි..

 Digital meter පද්ධතියක් මෙන්ම ආකර්ශනීය පෙනුමකින් හෙබි මෙම යතුරු පැදිය ලගදීම ඔබවෙත පැමිනෙනු ඇත..

   මං දැන් නවතිනවා... ඉස්සරහට අලුත් යතුරුපැදිවල විස්තර සමග මං ආයිත් එන්නම්.. විස්තර ටික කියවලා ඔයාලගේ වටිනා අදහස් යෝජනා චෝදනා සියල්ල comment කරන්න.. එහෙනම් ජයවේවා...

6 comments: